සුන්දර සිනහවකට හිමිකම් කියන සුරූපී ඇගේ ඡායාරූප, වීඩියෝ දසුන් මේ වන විට සමාජ මාධ්‍ය කැලඹීමට සමත් වී ඇත. අද වන විට, ඇය හොලිවුඩයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වී කාගේත් කතාබහ සඳහා මාතෘකාවක් වී ඇත. ඊට හේතුව, ඇය සැබෑවක් නොවීමය. ඇය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් පරිගණක ඇසුරින්, සැබෑ තැනැත්තියක ලෙස නිර්මාණය කළ ඩිජිටල් රුවකි. ඩිජිටල් මායාවකි. ඒත් බැලූ බැල්මට නම් ඇය මායාවක් ලෙස පෙනෙන්නේ නැත. ඇය සැබෑ තැනැත්තියකි. ඇයගේ නම ටිලී නෝර්වුඩ් ය. ඇය සියයට 100 ක් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ තැනැත්තියකි. මේ හොලිවුඩ් චිත්‍රපටවලට එක් වීමට සූදානමින් සිටින කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ, ලොව පළමු නිළියගේ කතාවය.

ටිලී නොර්වුඩ් නිර්මාණය කර ඇත්තේ ‘පාටිකල්6 ගෲප්’ නමැති සමාගමේ සිකෝයා නමැති කෘත්‍රිම බුද්ධි අංශයයි. ‘පාටිකල්6 ගෲප්’ සමාගමේ කෘත්‍රිම බුද්ධි අංශය ආරම්භ කරනු ලැබ ඇත්තේ, නෙදර්ලන්ත ජාතික ප්‍රහසන රංගන ශිල්පිනියක මෙන්ම, ලේඛිකාවක මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරියක ලෙස ද කටයුතු කරන 39 හැවිරිදි එලින් වැන්ඩර් වෙල්ඩන් විසිනි. ඇය ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය. එලින්ගේ සිකෝයා නමැති කෘත්‍රිම බුද්ධි අංශය, ටීලි නෝර්වුඩ් නිර්මාණය කර ඇත්තේ ද ලන්ඩනයේ ජීවත් වන යුවතියක ලෙසය. ටීලි නෝර්වුඩ්ටම කියා සමාජ මාධ්‍ය ගිණුම් පවා ඇත. ඒවා හරහා ඇය ඇගේ රසික රසිකාවියන්, මිතුරු මිතුරියන් සමඟ නිරන්තරයෙන් ඇයිරුහොඳයිකම් පවත්වයි. අයිස් කෝපි පානය කරමින්, සාප්පු සවාරි යමින් ඇය පළ කරන වීඩියෝ, අතිශය ජනප්‍රියය. ඒවා තණ ප්‍රජාව අතරේ බෙහෙවින් වයිරල් වෙයි.
පසුගිය දා ටීලි නොර්වුඩ් ගැන ලොකු කතාබහක් නිර්මාණය වීමට පටන්ගත්තේ ඇය හොලිවුඩ් චිත්‍රපටවලට අවතීර්ණ වෙනවා යැයි පැවැසීමත් සමඟය. සැබෑ රංගන ශිල්පිණියක සේම, ටීලි නොර්වුඩ්ට ඇගේ මුහුණින් අභිනයන් නිරූපණය කළ හැකි වීම විශේෂයකි. ඇයට කට පුරා සිනාසෙන්න පමණක් නොව, මුහුණ එල්ලා ගෙන හඬා වැටෙන්නට ද පුළුවනි. නිර්මාණකරුවන්, ටීලි නොර්වුඩ්ට ලබා දී ඇත්තේ වර්තමානයේ අතිශය ජනප්‍රිය සැබෑ නිළියන් කීප දෙනකුගේ පෙනුම සහ ඔවුන්ගේ ඇති සරාගී බව එකිනෙක මුසුකරමිණි. වොන්ඩර් වුමන් ලෙස ජනප්‍රිය වූ ගැල් ගැඩොට්ගේ පෙනුම, අද වන විට සුපිරි නළු ටොම් කෲස්ගේ පෙම්වතිය යැයි පැවැසෙන නිළි ඇනා ඩි අර්මාස්ගේ පෙනුම ටීලි නොර්වුඩ්ගෙන් දකින්න ලැබේ. ටිලී නෝර්වුඩ් හොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුවහොත් ඇය මීළඟ ස්කාර්ලට් ජොහැන්සන් හෝ නටලි පෝට්මන් වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසය. ස්කාර්ලට් ජොහැන්සන් සහ නටලි පෝට්මන් අති දක්ෂ සම්මානීය මෙන්ම සිනමා නිර්මාණ සඳහා වැඩිම මුදලක් අය කරන හොලිවුඩ් නිළියන්ය.

පසුගිය මැයි 6 වැනිදා ටීලි නෝර්වුඩ්ගේ නමින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ආරම්භ කෙරුණි. එහි කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ ඇගේ නිර්මාණ රැසක් දැකිය හැකිය. ඇගේ විලාසිතා, ඇගේ සෙල්ෆි ඡායාරූප දැකිය හැකිය. ඊට අමතරව, ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, ඉතිහාස කතා ආදිය ඇතුළත්, ටිලී නොර්වුඩ් රංගනයෙන් දායක වන වීඩියෝ දසුන් පෙළක් පවා ඊට ඇතුළත් වෙයි. ඒවා නරඹද්දී ඇය කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ඩිජිටල් චරිතයක් යැයි කීමට හැකියාව නැත. පසුගිය ඔක්තෝබර් 3 වැනිදා වන විට, නෝර්වුඩ්ගේ ගිණුමට එක් වුණු රසික රසිකාවියන් ගණන 50,000 කට වැඩිය.
ප්‍රහසන නිළි වැන්ඩර් වෙල්ඩන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැහැදිලි කර ඇත්තේ, සිනමා පටයක් හෝ රූපවාහිනී කතාවක් රස විඳීමට එහි නළු නිළියන් සැබෑ විය යුතු ද නැද්ද යන්න නරඹන්නන්ට ගැටලුවක් නොමැති බවය. පරිගණක සජීවීකරණ චිත්‍රපට නරඹන්නේ, ඒවා බලා හඬා වැලපෙන්නේ, සංවේදී වෙන්නේ, එම චිත්‍රපට නරඹන්නන්ගේ හදවතට දැනෙන්නේ ඒවායේ චරිත සැබෑ නිසාදැයි වැන් ඩර් වෙල්ඩන් විමසයි. ‘පාටිකල්6 ගෲප්’ සමාගම පවසා ඇත්තේ, ටීලි නොර්වුඩ් සිනමා පටයක ප්‍රධාන නිළිය ලෙස භාවිතයට ගැනීමෙන්, එම සිනමා නිර්මාණයේ නිෂ්පාදන වියදමෙ සියයට 90 කින් කපා හැරිය හැකි බවය.

ඇගේ ‘ඒ.අයි. කමිෂනර්’ නමැති එම කෙටි වීඩියෝව
“සාමාන්‍යයෙන්, නළු නිළියන් ගැන කතා කරන්නේ තරුවක් උපන්නා යනුවෙන්. ඒත්, ටීලි නොර්වුඩ් අප තරුවක් ලෙස නිර්මාණය කර තිබෙනවා. ඇයට ලෝකයේ එදා මෙදා බිහිවුණු සම්මානනීය දක්ෂ රංගන ශිල්පිණියන්ගේ අභිනයන් මුසු කර තිබෙනවා. ඇයට ඕනෑම භාෂාවක් කතා කළ හැකියි. ආදේශක නිළියක් යොදා ගනිමින්, ඔවුන්ගේ අංග චලන පරිගණක ගත කර, ඒ ආදේශක නිළිය වෙනුවට පසුව ටිලි නෝර්වුඩ් ඇතුළත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඇය කිසියම් හොලිවුඩ් සිනමා නිර්මාණයකට දායක කර ගත්තොත්, චිත්‍රපටයේ සෙසු සැබෑ නළු නිළියන් පවා ප්‍රධාන නිළිය ලෙස ටිලි නොර්වුඩ් දකිනු ඇත්තේ චිත්‍රපටයේ මංගල දර්ශනයේදීයි” යැයි වැන් ඩර් වෙල්ඩන් යැයි පැහැදිලි කර තිබේ.
ටිලී නෝර්වුඩ්ගේ වීඩියෝවක් පළමුවෙන්ම යූටියුබ් හරහා එළිදැක්වීම සිදුවූයේ පසුගිය 2025 ජූලි 30 වැනිදාය. ‘ඒ.අයි. කමිෂනර්’ නමැති එම කෙටි වීඩියෝව සඳහා පිටපත ලියා ඇත්තේ අද අප කවුරුත් බොහොම හොඳින් දන්නා චැට්ජීපීටී කෘත්‍රිම බුද්ධි මෙවලම මගිනි. ඊට අමතරව, තවත් කෘත්‍රිම බුද්ධි මෙවලම් 10 ක සහාය ඊට යොදා ගත් බව ද පැවැසෙයි. එහි ටිලී නෝර්වුඩ් පමණක් නොවෙයි, තවත් ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ චරිත කීපයක් දකින්න ලැබේ. මෙයට විචාරකයන්ගෙන් පැසසුමක් හිමි වූයේ නැත. සැබෑ චරිත නොවන බැවින්, කෘත්‍රිම බුද්ධි චරිත රංගනයට සුදුසු නැති බව විචාරකයන්ගේ අදහස විය. කෙසේ නමුත් ‘ඒ.අයි. කමිෂනර්’ වීඩියෝව, පසුගිය ඔක්තෝබර් දෙවැනිදා වෙද්දී, 700,000 කට වැඩි පිරිසක් නරඹා තිබුණි.
දිනෙන් දින ජනප්‍රිය වන ටිලී නෝර්වුඩ්, හොලිවුඩ් චිත්‍රපටයකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපට නළු නිළියන් සැපයීම සිදු කරන නියෝජිත ආයතන උනන්දුවන බවට රාවයක් පැතිර යෑමත් සමඟ මේ වන විට හොලිවුඩ් පුරය කැලඹී ගොස් ඇත. තවමත් සිනමාවට සම්බන්ධ නැතත්, ටිලී නෝර්වුඩ්, සිනමා උළෙලවල රතු පලස මැදින් ඇවිද යන වීඩියෝ, විනෝදාස්වාදය සපයන රූපවාහිනී සංවාද වැඩසටහන්වලට සහභාගී වී සංවේදී වී අඬන අයුරු පවා දැක්වෙන වීඩියෝ දසුන් අන්තර් ජාලයේ ඇත.
පසුගිය සැප්තැම්බර් 27 වැනිදා සූරිච් සිනමා උළෙලේ දී සිනමාවේ අනාගතය කුමක්දැයි යන්න තේමාව යටතේ පැවැති සමුළුවේදී, නිළි වැන්ඩර් වෙල්ඩන්, රැස්ව සිටි පිරිස අමතමින්, ටිලී නෝර්වුඩ් ගැන කතා කරන්නට වූවාය. චිත්‍රපට නළු නිළියන් සැපයීම සිදු කරන නියෝජිත ආයතන ටිලී නෝර්වුඩ් ගැන උනන්දුවක් දක්වන බව එහිදී ද ප්‍රකාශ කෙරුණි. හොලිවුඩ් නළි නිළියන්; විශේෂයෙන් නිළියන් බොහෝ දෙනකු ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරන්නට විය. හොලිවුඩ් නිළි එමිලි බ්‍රන්ට් කියා සිටියේ තමන් ඒ ගැන ඇසීමෙන් බියට පත්වුණු බවය. මෙලිසා බැරේරා සහ මාරා විල්සන් යන නිළියන් සමාජ මාධ්‍ය හරහා ටිලී නෝර්වුඩ්ට දෙහි කපන්නට වූහ. ඒ ටිලී නෝර්වුඩ් නිසා තමන්ගේ රැකියා අහිමි වන බව පෙන්වා දෙමිනි.
අසංඛ්‍යාත වෘත්තීය රංගන ශිල්පිණියන් පාදක කර ගනිමින්, ටිලී නෝර්වුඩ් නිර්මාණය කර ඇති බවත්, ඇය රංගන ශිල්පිණියන්ට ආදේශකයක් නොව, ඇය ද සැබැවින්ම කලා නිර්මාණයක් බවත් සූරිච් සිනමා උළෙලේදී වැන්ඩර් වෙල්ඩන් පැහැදිලි කළාය. ටිලී නෝර්වුඩ් වැනි කෘත්‍රිම බුද්ධි නිළියක සිනමා නිර්මාණ සඳහා සම්බන්ධ කර ගැනීම, අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට රූගත කිරීම් පහසු වනු ඇති බවත් නිළියන් නිසා ඇතිවන ගැටුම් අඩුවනු ඇති බවත්, වැඩි වැටුප් ඉල්ලා කරන මැසිවිලි නැගීම් අවසන් වනු ඇති බවත් ඇතැම් විචාරකයන්ගේ අදහස වෙයි.
ටීලි නෝර්වුඩ් නිසා කෘත්‍රිම බුද්ධිය සහ කලා ක්ෂේත්‍රය අතර සම්බන්ධයක් ගොඩනැගෙමින් ඇත. සිනමා කර්මාන්තයේ අනාගතය වනු ඇත්තේ එයයි. අද හෙට නොවුණත්, අනාගතයේ දිනෙක අපට සිනමා නළු නිළියන් වෙනුවට කෘත්‍රිම බුද්ධි නළු නිළියන්ගේ රංගන දකින්න ලැබෙනු ඇත. නව තාක්ෂණය, විශේෂයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හොලිවුඩ් සිනමා කර්මාන්තය කුමන ආකාරයකින් වෙනස් කරනු ඇතැයි ද යන්න තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානය.
ලුසිත ජයමාන්න
සී.එන්.එන්. ඇසුරිනි
0 Comments